නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට | දිනමිණ

නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට

ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකළ නතාෂා එදිරිසූරිය නැමැති කාන්තාව  කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
 
රටින් පිටවීමට උත්සාහ කිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇය අත්අඩංගුවට ගත් බව වාර්තාවේ.
 
වැඩිදුරු විමර්ශන සඳහා සැකකාරිය පොලිස් පරිගණක අපරාධ කොට්ඨාශයට බාරදී ඇත. 
 
පසුගියදා සමාජ මාධ්‍යයට එක්කර තිබූ බෞද්ධ සංස්කෘතිය අපහාසයට සහ උපහාසයට ලක්කරමින් සැකකාරිය කළ ප්‍රකාශය පිළිබඳ විමර්ශනය කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලංගොඩ අස්සජි හිමි ඇතුළු පාර්ශව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේය.
 
එමෙන්ම, අදාළ ප්‍රකාශයට එරෙහිව සමාජයේ විවිධ පාර්ශව දැඩි විරෝධයක් එල්ල කරමින් පැවසුවේ, වහාම ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි. 

නව අදහස දක්වන්න