Granbell Hotel Colombo සිය පළමු සංවත්සරය සමරයි | දිනමිණ

Granbell Hotel Colombo සිය පළමු සංවත්සරය සමරයි

ශ්‍රී ලංකාවේ කාර්යබහුලතම අගනගරය වන කොළඹ මධ්‍යයෙයේ පිහිටි, ජපානය විසින් හිමිකාරිත්වය දරන Granbell Hotel Colombo පසුගියදා සිය පළමු සංවත්සරය ක්ෂේත්‍රයේ ගෞරවනීය අමුත්තන් සහ මාධ්‍යවේදීන් රැසකගේ සහභාගිත්වයෙන් අතිඋත්කර්ෂවත් අන්දමින් සමරන ලදි. හෝටල් කළමනාකාරිත්වය විසින් සිය අභිමානවත් ගමන්මඟ සහ සෑම අමුත්තෙක් සඳහාම සුවිශේෂී සේවා අත්දැකීමක් ලබා දීමට ඔවුන් සතු කැපවීම පිළිබඳව මෙහිදී අදහස් ප්‍රකාශ කළේය. එසේම සිය වටිනා අනුග්‍රාහකයින් සඳහා රාත්‍රිය ගතකිරීමට අවස්ථාවක්, The All Day Dining Restaurant හි රාත්‍රී භෝජන සතියක් සහ The Bar On the Top හි විශේෂ විනෝදාස්වාදන අවස්ථාවක් සඳහා ආකර්ෂණීය සමාජ මාධ්‍ය දීමනාවක් ද මෙහිදී නිවේදනය කරන ලදි.

Belluna Co. Ltd හි සභාපති කියෝෂි යසුනෝ (Kiyoshi Yasuno) , Belluna Co. Ltd හි අධ්‍යක්ෂ හිරෝෂි යසුනෝ (Hiroshi Yasuno) , Belluna Japan හි අධ්‍යක්ෂ ජුන්කෝ කටෝ (Junko Kato) , Belluna Lanka හි සහකාර නිශාන්ත පෙරේරා සහ SLITHM හි සභාපති ශිරන්ත පීරිස් ඇතුළු සම්භාවනීය අමුත්තන් Granbell Hotel Colombo හි සංවත්සර උත්සවයට සහභාගී වූහ.

විවිධ අභියෝග හමුවේ 2022 අප්‍රේල් මාසයේ සිය සමාරම්භය සනිටුහන් කළ Granbell Hotel Colombo. ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය, සංචාරක නියෝජිතයින්, ආයතනික හවුල්කරුවන් සහ විදේශීය සංචාරක ක්‍රියාකරුවන්ගේ නොමඳ සහයෝගය නිසා 2022 නොවැම්බර් මාසයේ සිට 40%කට වැඩි නේවාසික අනුපාතයක් පවත්වා ගැනීමට සමත්වී ඇත.

දිල්ලිහි පවත්වන ලද SATTE 2023 සහ ඩුබායි හි පවත්වන ලද Arab Travel Mart යන සංචාරක ප්‍රදර්ශනයන්ට සහභාගී වූ Granbell Hotel Colombo, සිය අන්තර්ජාතික මට්ටමේ පහසුකම් සහ විශිෂ්ට සේවාවන් එහිදී ප්‍රදර්ශනය කරන ලදි. තවද ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉදිරි වසරේ දී පැවැත්වීමට නියමිත World Travel Mart සහ තවත් සංචාරක ප්‍රදර්ශන සඳහා සහභාගී වීමට හෝටලය අපේක්ෂා කරයි.

කාණ්ඩ 4කට අයත් කාමර 292කින් හරි අඩකට මහා සාගරය දර්ශනය වන ලෙසින් නිමවා ඇති මෙම හෝටලය වෙරළබඩ වටපිටාවට සහ පරිසරය විඳිමින් විනෝද වීමට කැමැති සංචාරකයින් හට කදිම ස්ථානයක් යැයි කිව හැකිය. මෙහි වූ සුඛෝපභෝගී කාමර ඉන්දියන් සාගරය දර්ශනය වන පරිද්දෙන් වූ නාන තටාක වලින් සමන්විත වේ.

නව අදහස දක්වන්න