ආරක්ෂක සේවා රග්බි ශූරතාව ගුවන් හමුදාවට | දිනමිණ

ආරක්ෂක සේවා රග්බි ශූරතාව ගුවන් හමුදාවට

ආරක්ෂක සේවා රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් විය.

රත්මලාන ගුවන් හමුදා කඳවුරු රග්බි පිටියේ පැවති තරගාවලියේදී ගුවන් හමුදා කණ්ඩායම හා යුද හමුදා රග්බි කණ්ඩායමට එරෙහිව ලකුණු 15-13ක් ලෙස ජයගත් අතර, නාවික හමුදාවට එරෙහිව පැවති තරගය ලකුණු 23-13ක් ලෙස ජය ගැනීමට සමත් විය.

තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය නාවික පාබල ආඥාපති රියර් අද්මිරාල් පීඒඑන්එල් පොන්නම්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එහිදී දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට ගයන්ත ඉද්දමල්ගොඩට හිමි විය.

නව අදහස දක්වන්න