තවත් රැල්ලක් | දිනමිණ

තවත් රැල්ලක්

වර්ධනය වූ ප්‍රතිශක්තිය මඟහැරවීමට නව XBB ප්‍රභේදය පරිණාමය වෙමින් පවතින බැවින් ජුනි මාසයේදී සතියකට මිලියන 65 ක පමණ කොවිඩ් 19 ආසාදිතයන් වාර්තා වනු ඇතැයි චීනය අපේක්ෂා කරයි.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම නිසා කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් නිකුත් කිරීමට චීන බලධාරීන් කඩිනම් පියවර ගෙන ඇති බවයි. 
 
පසුගිය වසරේ චීනය “ශුන්‍ය කොවිඩ්” ප්‍රතිපත්තියෙන් හදිසියේ ඉවත්වීම වත්මන් කොවිඩ් 19 සීඝ්‍ර වර්ධනයට හේතුවී තිබේ.
 
ප්‍රමුඛ චීන වසංගත රෝග විද්‍යාඥ ෂොං නන්ෂාන් පැවසුවේ XBB omicron උප ප්‍රභේද සඳහා (XBB. 1.9.1, XBB. 1.5, සහ XBB. 1.16 ඇතුළුව) නව එන්නත් දෙකක් සඳහා අනුමැතිය ලබා දී ඇති බවයි. 
 
තවත් එන්නත් තුනක් හෝ හතරක් සඳහා කඩිනමින් අනුමැතිය ලැබෙනු ඇත.

නව අදහස දක්වන්න