ඉරානයේ භූකම්පනයකින් 82කට තුවාල | දිනමිණ

ඉරානයේ භූකම්පනයකින් 82කට තුවාල

ඉරානයේ බටහිර අසර්බයිජාන් ප්‍රාන්තයේ ඊයේ සිදුවූ රිච්ටර් මාපකයේ 5.6ක භූකම්පනයකින් පුද්ගලයන් 82 දෙනකු තුවාල ලැබූ බව වාර්තා වේ. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් බටහිර අසර්බයිජාන් පළාතේ අර්බුද කළමනාකරණ අධ්‍යක්ෂ ජනරාල් අමීර් අබ්බාස් ජෆාරි විදෙස් වාර්තාකරුවන්ට ප්‍රකාශ කර ඇත්තේ ඛෝයි සහ සල්මාස් නගරවල භූමිකම්පාවෙන් ගොඩනැගිලි කිහිපයකට හානි සිදුව ඇති බවය.

තුර්කි ආපදා සහ හදිසි කළමනාකරණ ජනාධිපති කාර්යාලය (AFAD) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ භූමිකම්පාව කිලෝමීටර් හතක් ගැඹුරින් වාර්තා වී ඇති අතර, නැගෙනහිර තුර්කියේ වෑන් සහ හක්කරි පළාත්වලට ද එය දැනුණු බවය.

 

නව අදහස දක්වන්න