චීන ගුවන්යානා 26ක් තායිවානයේ ගුවන් සීමාව උල්ලංඝනය කරලා | දිනමිණ

චීන ගුවන්යානා 26ක් තායිවානයේ ගුවන් සීමාව උල්ලංඝනය කරලා

දින දෙකක් ඇතුළත චීන හමුදා ගුවන් යානා 26ක් සහ නාවික යාත්‍ර 4ක් තායිවාන ගුවන් සීමාව සහ මුහුදු සීමාව උල්ලංඝනය කළ බවට තායිවානය චෝදනා කර ඇතැයි වාර්තා වේ. එම ගුවන් යානා 26න් 15ක් තායිවාන ගුවන් ආරක්ෂක හඳුනා ගැනීමේ කලාපයේදී නිරික්ෂණයට ලක් කර ඇති අතර, එම ගුවන් යානා චීන මහජන විමුක්ති හමුදාවට අයත් බවට තහවුරු වී ඇතැයි තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එම ගුවන් යානා අතර ප්‍රහාරක යානා, ඔත්තු බැලීමේ ඩ්‍රෝන යානාවක් ද තිබූ බවත්, තායිවාන සමුද්‍ර සන්ධිය හරහා තවත් ඔත්තු බැලීමේ යානයක් පියාසර කළ බවත් තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. මීට අමතරව තායිවාන නිරිතදිග කලාපයේ ප්‍රහාරක ජෙට් යානා දෙකක්, සබ්මැරින් නාශක ගුවන් යානයක්ද පියාසර කළ බවට තායිවානය නිවේදනය කර තිබේ.

මාර්තු මාසයේ මේ දක්වා කාලය ඇතුළත චීනයට අයත් නාවික යාත්‍ර 67ක් සහ ගුවන් යානා 266ක් තායිවාන දේශසීමා උල්ලංඝනය කර ඇති බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

 

නව අදහස දක්වන්න