ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ ඉල්ලීමකට අනුව තුන්වැනි චාල්ස් රජුගේ ප්‍රංශ සංචාරය කල් දැමූ බව බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලය ප්‍රකාශ කර තිබේ. මේ දිනවල ප්‍රංශයේ පැවැත්වෙන විශ්‍රාම වයස් සීමාව වැඩි කිරීමේ රජයේ තීරණයට එරෙහිව සිදුවන උද්ඝෝෂණ හා ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ප්‍රංශය මේ තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චාල්ස් රජුගේ ප්‍රංශ සංචාරය 26 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ අතර, මේ වන විට පැරිස් නුවර තත්ත්වය ඉතා බරපතළ බැවින් චාල්ස් රජුගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන ප්‍රංශ ජනාධිපතිවරයා මේ පියවර ගෙන තිබේ.
පසුගියදා ප්‍රංශ ජනාධිපතිවරයා පෞද්ගලිකවම චාල්ස් රජුට දුරකතනනයෙන් අමතා ඇති අතර, පැරිස් නුවර පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන සංචාරය කල් දැමීමේ ඉල්ලීම ඉදිරිපත් කර තිබේ. එම සංචාරය නැවත ඉක්මනින්ම සැලසුම් කිරීමට නියමිත බව ද වැඩිදුරටත් වාර්තා වේ.
නව අදහස දක්වන්න