Elephant House සහ Eco Spindles ශ්‍රී පාදස්ථානය පිරිසිදු කරයි | දිනමිණ

Elephant House සහ Eco Spindles ශ්‍රී පාදස්ථානය පිරිසිදු කරයි

Elephant House ප්‍රජා සත්කාර වැඩසටහන වන ‘ගුණදමින් එලිෆන්ට් හවුස්’ සහ Eco Spindles සමාගම එක් වී, පූජනීය ශ්‍රී පාදස්ථානයේ ඉවතලන ප්ලාස්ටික් ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් පසුගිය පෙබරවාරි 17 වන දින ක්‍රියාවට නැංවීය. ශ්‍රී පාදස්ථානය යනු ජාති ආගම් භේදයකින් තොරව සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගේ ගෞරවයට පාත්‍ර වී ඇති පූජනීය ස්ථානයකි. ඉවතලන ප්ලාස්ටික් නිවැරදිව බැහැර කිරීම සහ වඩාත් ශක්තිමත් පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ප්‍රතිචක්‍රීකරණයේ වැදගත්කම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක කොටසක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන ලදි. මෙය වගකීම්සහගත ලෙස ප්ලාස්ටික් බැහැර කරමින් පරිසරය රැක ගැනීමට දායක වීම සඳහා ජනතාව යොමුකරවීමේ උත්සාහයේ වැදගත් ඉදිරි පියවරක් වනු ඇත.

‘ගුණදමින් එලිෆන්ට් හවුස්’ සහ Eco Spindles සමාගමට අමතරව මස්කෙළිය ප්‍රාදේශීය සභාව, සීතගඟුලගම ග්‍රාම නිලධාරී කොට්ඨාසය, මස්කෙළිය වෙළෙඳ සංගමය සහ ප්‍රාදේශීය සභාවට සම්බන්ධ තවත් පාර්ශ්වයන් රැසක් මෙම වැඩසටහනට දායක වී සිටිති. ශ්‍රී පාද වන්දනා සමයේ මාස 6 ක කාලයක් පුරා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනු ඇති අතර, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් හා අරමුදල් සපයනු ලබන්නේ ‘ගුණදමින් එලිෆන්ට් හවුස්’ විසිනි. දිනපතා ශ්‍රී පාදස්ථානය පිරිසිදු කිරීමට අමතරව මෙම වැඩසටහන යටතේ පරිසරයට හානියක් නොවන පරිදි ඉවතලන ප්ලාස්ටික් බැහැර කරන අන්දම සම්බන්ධයෙන් බැතිමතුන් දැනුවත් කෙරේ. ශ්‍රී පාද පරිශ්‍රයෙන් ඉවත් කරනු ලබන PET සහ අනෙකුත් ප්ලාස්ටික් වර්ග Eco Spindles පුද්. සමාගම මඟින් එක්රැස් කර ප්‍රතිචක්‍රීකරණය කරනු ලබනු ඇත.

“මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සඳහා Eco Spindles සමග අත්වැල් බැඳ ගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය වගකීම්සහගත ලෙස ඉවතලන ප්ලාස්ටික් එකතු කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා අප දක්වන කැපවීම පැහැදිලිව පෙන්වා දීමට ලැබුණු අගනා අවස්ථාවක් වුණා. පරිසරයට හානියක් නොවන පරිදි ඉවතලන ප්ලාස්ටික් බැහැර කිරීමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම ඉලක්කයයි.”

Ceylon Cold Stores සමාගමේ සැපයුම් දාම කළමනාකරණ ප්‍රධානී සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගමේ ෙජ්‍යෂ්ඨ උප සභාපති සංජීව ජයසුන්දර පැවසීය.

 

නව අදහස දක්වන්න