ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව HNB | දිනමිණ

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව HNB

පාරිභෝගික සේවා බැංකුකරණයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුව ලෙස සිය විශිෂ්ටත්වය නැවතත් විදහා දක්වමින් හැටන් නැෂනල් බැංකුව ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත්වූ 2023 කීර්තිමත් ජාත්‍යන්තර පාරිභෝගික මූල්‍ය සේවා සම්මාන උලෙළේදී 13 වැනි වරටත් මෙරට විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් අභිසෙස් ලැබීය.

ලොව පාරිභෝගික මූල්‍ය සේවා සඳහා වන කීර්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් සම්මාන උලෙළක් ලෙස මෙය සලකනු ලබයි. ස්ථාවරත්වය, නවෝත්පාදනය හා ඩිජිටල් හැකියාව සහ වේගවත්, තිරසර වර්ධනයක් කරා ක්‍රියාවලි අලුතින් නැවත සකස් කිරීමේදී නව සන්ධිස්ථානයන් සනිටුහන් කරන කලාපයේ මූල්‍ය ආයතන ඉස්මතු කිරීම සඳහා මෙම සම්මාන උලෙළ පවත්වනු ලබයි.

මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා පැවසුවේ “ප්‍රගතිය කරා යන ගමනේදී HNB සැමවිටම අවංකත්වය සහ සේවාව මත ගොඩනැඟුණු හවුල්කාරිත්වයන් පිළිබඳව විශ්වාසය තැබුවා. වසර 135ක් පුරා අපගේ ගනුදෙනුකරුවන්ගේ වෙනස්වන අවශ්‍යතා සපුරාලීමට අපගේ හැකියාවන් පරිවර්තනය කර ගනිමින්, අභිමානයෙන් සහ වගකීමෙන් අප මෙම උරුමය ඉදිරියට ගෙන එනු ලැබුවා.

ඒෂියන් බෑන්කර් සඟරාව විසින් 13 වැනි වරටත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස ඇගයීමට ලක් කිරීම අප ගෞරවයක් ලෙස සලකනු ලබන අතර, එය අපගේ කණ්ඩායමේ උද්‍යෝගිමත් උත්සාහයට සහ අපගේ ගනුදෙනුකාර භවතුන්ට සුවිශේෂී බැංකු අත්දැකීම් ලබා දීමට වූ අපගේ නොසැලෙන කැපවීමට කදිම සාක්ෂියක්. වර්තමානයේදී අපේ රට මුහුණ දෙන පෙර නොවූ විරූ අභියෝග මධ්‍යයේ වුවද, අනාගත පරම්පරාවන්ට ශ්‍රී ලංකාව ප්‍රගතියේ හා සංවර්ධනය කරා රැගෙන යාමට මංපෙත් සලසා දෙමින්, ප්‍රගතියේ සැබෑ හවුල්කරුවකු ලෙස මෙරට ජනතාවට කැපවීමෙන් සේවය කිරීමට අප ස්ථිරව සිටිනවා” යනුවෙනි.

 

නව අදහස දක්වන්න