Saturday, මාර්තු 25, 2023 - 01:00
ප්‍රංශ 250 දෙනෙකු තරග වදින Raid Amazones 2023' ත්‍රාසජනක තරගාවලිය මහනුවරදී පසුගියදා ආරම්භ විය. ක්‍රීඩිකාවන් වික්ටෝරියා ජලාශයේ ඔරු පැදීමේ තරගය සඳහා එක්වූහ.
Raid Amazones යනු ලොව එකම සංචාරක කාන්තා ත්‍රාසජනක තරඟාවලිය වන අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය එහි නිළ හවුල්කරුවා ලෙස කටයුතු කරයි.
තරගයේ ආරම්භක දිනය වූ ඊයේ දිනයේ මෙම ප්‍රංශ ක්‍රීඩිකාවන් හන්තානේ සිට ගලහ දක්වා කිලෝමීටර් 11 ක් පමණ දුරක ධාවන තරගයකට සහභාගි විය. මාර්තු මස 28 වෙනි දින දක්වා මෙම ක්‍රීඩිකාවන් බයිසිකල් පැදීම, ඇවිදීම ඇතුළු විවිධ තරග ඉසව් සඳහා එක්වීමට නියමිතයි.
නව අදහස දක්වන්න