අධිකරණයේ පෙනී සිටින්නැයි විවාහක රූ රැජන පුෂ්පිකාට නියෝග | දිනමිණ

අධිකරණයේ පෙනී සිටින්නැයි විවාහක රූ රැජන පුෂ්පිකාට නියෝග

ලෝක රූ රැජන තරගාවලියේ දී ඊට සහභාගී වූ කැරොලයින් ජූරි යන අය පහරදුන් බව කියන සිද්ධිය විභාගයට ගන්නා අවස්ථාවේ අධිකරණයට නොපැමිණි ශ්‍රී ලංකා විවාහක රූ රැජන පුෂ්පිකා ද සිල්වාට ලබන ජූලි මස 19 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා ඊයේ (20) නියෝග කළේය.

ඇයට අවසන් වරට දින ලබා දෙන බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය සිදු කරමින් කියා සිටියේය.

ලෝක රූ රැජන තරගාවලියේදී කැරොලයින් ජූරි යන අය තමාට පහරදුන් බවට ශ්‍රී ලංකා විවාහක රූ රැජන පුෂ්පිකා ද සිල්වා යන අය කුරුඳුවත්ත පොලිසියට කළ පැමිණිල්ලක් අනුව නඩුව කැඳවිණි.

සිද්ධිය සම්බන්ධයෙන් ලබන ජූලි මස 19 වනදා අධිකරණයට කරුණු දක්වන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.

සුභාෂිණී සේනානායක

නව අදහස දක්වන්න