‘සණස ලයිෆ්’ සමාගමේ 96 වන ශාඛාව පසුගියදා කුලියාපිටිය ප්‍රදේශයේදී උත්සවාකාරයෙන් විවෘත කෙරිණි. මෙම නව ශාඛාව අංක 352, මාදම්පේ පාර, කුලියාපිටිය යන ස්ථානයේ පිහිටා ඇති අතර, එය විවෘත කිරීමේ අවස්ථාවට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ කළමනාකාරීත්වයේ සාමාජිකයන් මෙන්ම එම සමාගමේ නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාද සහභාගී විය.
සණස, ව්‍යාපාරය සෑම විටම ජනතාවගේ ගැටලු පිළිබඳව අවධානය යොමුකරමින්, එම ගැටලු විසඳීමට උත්සාහ දරනවා. ‘සණස ලයිෆ්’ ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් දිනා ගැනීමට සමත් වී තිබෙන්නේ ඒ නිසයි. කුලියාපිටිය යනු කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ජනතාවගේ කේන්ද්‍රස්ථානයක් වන, උද්යෝගිමත් ප්‍රජාවක් ජීවත් වන නගරයක්. එම ප්‍රජාවට අපගේ සේවාවන් සැලසීමට අප ඉමහත් උනන්දුවෙන් යුතුව බලා සිටිනවා.” ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය පැවසීය.
‘සණස ලයිෆ්’ සමාගම මේ වන විට විවිධාකාරයේ ජීවිත රක්ෂණ සැලසුම්, ණය ආරක්ෂණ සැලසුම්, කාලීන රක්ෂණ සහ විශ්‍රාම සැලසුම් ඇතුළු රක්ෂණ හා ආයෝජන විසඳුම් රාශියක් හඳුන්වා දී ඇත. ‘සණස ලයිෆ්’ සේවාවන් සියල්ල නවීන ලෝකයට ගැළපෙන ආකාරයට, ග්‍රාමීය ප්‍රදේශවල අඩු ආදායම්ලාභී සහ මධ්‍යම ආදායම්ලාභී ජනතාව කෙරෙහි වැඩි අවධානයක් යොමුකරමින් සැලසුම් කර තිබේ. නම්‍යශීලී විසඳුම් ඔස්සේ එම ජනතාවට තම සිහින සැබෑ කර ගැනීමට අත්වැලක් වීමට ‘සණස ලයිෆ්’ ප්‍රමුඛත්වය ලබා දී ඇත.
නව අදහස දක්වන්න