ජාත්යරන්තර කාන්තා දිනය නිමිත්තෙන් කැලණියේ පිහිටි තම නවීනතම කර්මාන්තශාලා පරිශ්‍රයේ දී විශේෂ වැඩසටහනක් සංවිධානය කිරීමට Ex-Pack Corrugated Cartons සමාගම පසුගියදා පියවර ගෙන තිබුණි. යහපත් මානසික සෞඛ්‍යමය තත්ත්වයක් පවත්වාගැනීමේ වැදගත්කම සහ, ඒ වෙනුවෙන් Ex-Pack Corrugated Cartons සමාගම ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ අවබෝධයක් පිරිනැමීම එහිදී සිදුවිය. තුන්සියයක් පමණ වන එහි කාර්යමණ්ඩලය වෙනුවෙන් පුළුල් විවිධත්ව, සමානාත්මතා සහ අන්තර්කරණ (Diversity, Equity, inclusion) ප්‍රතිපත්ති සහිත සක්‍රීය පරිසරයක් සහතික කිරීමට සමාගම සිදුකරනු ලබන වැඩසටහන් මෙහිදී සාකච්ඡාවට බඳුන්විය.
මානසික යහපැවැත්ම අතින් පුරුෂයින්ට වඩා කාන්තාවන් බහුල ලෙස බලපෑමට ලක්ව ඇති බව ගෝලීය වශයෙන් සිදුකරන ලද බොහෝ අධ්‍යනයන් හරහා තහවුරු වී තිබේ.
එබැවින් මෙම වැඩසටහන අතරතුරදී කාර්යමණ්ඩල සාමාජිකාවන්ගේ ජයග්‍රහණ, ජීවිත කතා මෙන්ම අතිශය වැදගත් නව දැනුම, තොරතුරු, කළ යුතු දෑ ආදී වශයෙන් කාන්තාවන්ගේ භුමිකාව, සෞඛ්‍ය සහ යහපැවැත්ම සම්බන්ධයෙන් අපගේ දෑස් විවිර කරවන දෑ මෙම වැඩසටහනේදී කතාබහට ලක්විය.
නව අදහස දක්වන්න