Saturday, මාර්තු 18, 2023 - 01:00
DFCC බැංකුවේ නවතම MySpace ස්වයං-බැංකුකරණ සේවා පරිශ්‍රයක් පසුගියදා MAS Fabric Park හි MAS Intimates තුරුලී පරිශ්‍රයේ විවෘත කරන ලදි. මෙමගින් MAS Intimates කාර්ය මණ්ඩලයට සහ ප්‍රදේශවාසීන්ට දවසේ පැය 24 පුරා බැංකු සේවාවන් ලබාගත හැකි වේ. Pay and Go යන්ත්‍රද සහිත MySpace Self Banking සේවා පරිශ්‍රවලින් ගනුදෙනුකරුවන්ට බැංකු සේවාවන්ට අමතරව බිල්පත් ගෙවීම, විවිධ ආයතනවලට ගෙවීම් කිරීම සහ ජංගම දුරකතන රීලෝඩ් කිරීම ඇතුළු තවත් බොහෝ සේවාවන් ලබාගත හැකි අතර,LankaPay ජාලයට සම්බන්ධ බැංකුවල කාඩ්පත් මෙන්ම දේශීය හා විදේශීය කාඩ්පත් භාවිතයෙන් මුදල් ආපසු ගැනීමද සිදුකළ හැක.
නව අදහස දක්වන්න