යාපනයේ මල්ලාකම් අධිකරණය තුළදී පෙම්වතෙකු විසින් පෙම්වතියට කම්මුල් පහර තුනක් එල්ල කිරීමේ සිද්ධියක් මත එම තරුණයාව දින දාහතරක කාලයකට රිමාන්ඩ් භාරයේ තබන ලෙස මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා 17දා නියෝග කොට තිබේ.
යාපනයේ ආවරංගල් ප්‍රදේශයේ තරුණයෙකු සිය නිෙවසට ආසන්නයේ නිෙවසක තරුණියක් සමඟ කාලයක් ආදර සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් අති අතර, තරුණයාගේ අශෝභන හැසිරීම් රටාව නිසා තරුණිය විසින් එම ප්‍රේම සම්බන්ධතාව මීට මාසයකට පමණ පෙර නවතා දමා තිබේ. නමුත් තරුණයාගෙන් නිතර නිතර මේ තරුණියට විවිධ අන්දමේ හිංසා පීඩා හා බලපෑම් එල්ල වන නිසා ඇය ඒ පිළිබඳව අච්චුවේලි පොලිසියට පැමිණිලි කොට තිබේ.
එම පැමිණිල්ල අච්චුවේලි පොලිසිය විසින් විභාග කළ ද තරුණියට සිදු වන අඩන්තේට්ටම් අඩු නොවන නිසා පොලිසිය එම තරුණයාට එරෙහිව මල්ලාකම් අධිකරණයේ නඩුවක් ගොනුකොට තිබේ.
එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී තරුණිය විසින් අධිකරණය හමුවේ කරන ලද ප්‍රකාශයකට දැඩි ලෙස උරණ වූ තරුණයා එක්වරම තරුණිය වෙත දිව ගොස් අධිකරණය තුළදීම මහේත්‍රාත්වරයා ඉදිරිපිටම කම්මුල් පහර තුනක් එල්ල කොට තිබේ. අදාළ නඩුව විභාග කිරීම වහාම නතර කළ මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා තරුණයාව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත දින දාහතරක කාලයකට රිමාන්ඩ් භාරයේ තබන ලෙසත් අප්‍රේල් මස 30 වැනිදා යළි මෙම නඩුව විභාගයට ගන්නා බවටත් තීන්දු කොට තිබේ.
උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ
නව අදහස දක්වන්න