කුඩු සළිඳු - හරක් කටා නිරීක්ෂණයට කොටුව මහේස්ත්‍රාත් සීඅයිඩියට යයි | දිනමිණ

කුඩු සළිඳු - හරක් කටා නිරීක්ෂණයට කොටුව මහේස්ත්‍රාත් සීඅයිඩියට යයි

සුභාෂිණී සේනානායක
කුඩු සළිඳු සහ හරක් කටා මැඩගස්කර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන් ඒමෙන් පසු

මැඩගස්කරයෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්ෂාව යටතේ මෙරටට ගෙනා මත්කඩු ජාවාරමේ යෙදුණු පාතාලයේ ප්‍රබලයන් දෙදෙනකු වන සෙල්ලප්පෙරුමගේ සලිඳු ගුණරත්න නොහොත් කුඩු සළිඳු සහ වික්‍රමරත්න කසුන් චින්තක නොහොත් හරක් කටා කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් නිරීක්ෂණය කළේය.

මෙරට ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් මෝසමක් මඟින් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එහි ගොස් සැකකරුවන් දෙදෙනා මෙසේ නිරීක්ෂණය කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බී වාර්තාවක් ගොනු කරමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි. මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පස්වරු 2.10ට පමණ සැකකරුවන් නිරීක්ෂණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරා ගිය අතර, පස්වරු 2.55 දක්වා ඔවුන් නිරීක්ෂණය කළේය.

නව අදහස දක්වන්න