සිනමාවේ පෙළහර පෑ විශිෂ්ටයන්ට සතරාව දීපනී උපහාර | දිනමිණ

සිනමාවේ පෙළහර පෑ විශිෂ්ටයන්ට සතරාව දීපනී උපහාර

සතරාව දීපනී කෘතගුණ උලෙළ ඊයේ(16) සන්ධ්‍යාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැතිවිණි. එහිදී ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ගේ සිනමා නිෂ්පාදන සඳහා දායක වූ කලාකරුවන් වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් උපහාර සම්මාන පිරිනැමීම සිදු විය. මෙරටේ ජ්‍යෙෂ්ඨතම රගංධරයා වන අනු එක් වියැති සිරිල් වික්‍රමගේ, ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරුන් වන ධර්මසිරි බණ්ඩාරනායක, පරාක්‍රම නිරිඇල්ල යන මහත්වරු එහිදී ජනාධිපතිවරයා අතින් සම්මාන ලබා ගත් අයුරු අනුපිළි‍ෙවලින් මෙහි දැක්වේ.

ඡායාරුප - සුලෝචන ගමගේ

නව අදහස දක්වන්න