සහරාන්ගේ බිරියට ඇප | දිනමිණ

සහරාන්ගේ බිරියට ඇප

ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගෙන වසර හතරක් තිස්සේ නඩු විභාගයට මුහුණදුන් සහරාන් හෂීම්ගේ බිරිඳ දැඩි කොන්දේසි සහිතව ඇප මත මුදා හැරීමට කල්මුණේ මහාධිකරණය ඊයේ (15) නියෝගයක් නිකුත් කර තිබේ.

මේ නඩුව ඊයේ (15) කල්මුණේ මහාධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී ඉහත නියෝගය ලබාදී ඇත. පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන අපරාධකරු සහරාන් හෂීම්ගේ බිරිඳ පාතිමා හාදියාට එරෙහිව නඩුව වසර 4ක් තිස්සේ විභාග වෙමින් තිබියදී අද (15) මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම නඩුව අද විභාගයට ගත් අතර, විත්තිකාර සහරාන්ගේ බිරිඳ වෙනුවෙන් නීතිඥ රුෂ්ටි හබීබ් ප්‍රමුඛ නීතිඥවරුන් වන අර්ෂාන්, රිස්වාන්, උවයිස් යන මහත්වරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් අධිකරණයට පැමිණ සිටියහ.

අද පැවැති නඩු විභාගයේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නඩුව මෙහෙය වූ රජයේ නීතිඥ ලායීර් සහරාන්ගේ බිරිය ලබා දී ඇති පාපෝච්චාරණය ගැන කරුණු දැක්විය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඇප ඉල්ලීම සම්බන්ධයෙන් පිළිබඳ කරුණු දක්වමින් ඇප ලබා දිය යුත්තේ මන්දැයි පෙන්වා දුන්හ.

කල්මුණේ මධ්‍යම

එස්. අශ්රොෆ්කාන්, ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න